Tuesday, August 28, 2018

2016/ 07 /08සිට පැවැත් වීමට තිබූ පළාත් පාසල් ක්‍රීඩා 22 වැනිදා සිට 26 දක්වා කල් දමන ලදී .

සබරගමුව පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත්
සහකාර ක්‍රිඩා අධ්‍යාපන අධ්‍යක්ෂ වරුන්ගේ තොරතුරු

සබරගමුව පළාතට අයත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු පහත සඳහන් ලේඛණයේ දක්වා ඇති බව කාරුණිකව දන්වමි.   


නම
තනතුර
රාජකාරි ලිපිනය
පෞද්ගලික ලිපිනය
දුරකථන අංකය
01
ඒ.එම්. උපසාර අලහකෝන් මයා
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
පළාත් අ.කා. ගැටන්ගම ,රත්නපුර
අඹන්පිටිය , කෑගල්ල.
0714407757
02
පී.බී.ජී.ටී.බී. වෑගන්තලේ මයා
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
කළාප අධ්‍යාපන කා. කෑගල්ල
වෑගන්තලේ , මාවනැල්ල
0772943129
03
ඩී.ඒ.ඩී.එස්. දෙල්ගොඩආරච්චි මිය
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
කළාප අධ්‍යාපන කා. නිවිතිගල
තුත්තිරිපිටිය , නිවිතිගල
0718300708
04
ආර්.සි. රාජපක්ෂ මයා
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
කළාප අධ්‍යාපන කා. දෙහිඕවිට
තිවගිරිය , බුලත්කොහුපිටිය
0718725329
05
එස්.පී.  සමරසේකර මයා
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
කළාප අධ්‍යාපන කා. රත්නපුර
පියල් සෙවන ගොරොක්ගොඩ රත්නපුර
0718291507
06
නිමල් කරුණාතිලක මයා
ක්‍රිඩා සම්බන්ධිකරණ නිලධාරි
කළාප අධ්‍යාපන කා. ඇඹිලිපිටිය
42/1කෙලින්වීදිය , රක්වාන
0718291491
07
නලින් ගුණරත්න මයා
ක්‍රිඩා සම්බන්ධිකරණ නිලධාරි
කළාප අධ්‍යාපන කා. බලංගොඩ
120/8ඒ දෙනියකුඹුර බලංගොඩ
0714477450
08
පී.එම්.ඩී.නීල් පෙරේරා මයා
ක්‍රිඩා සම්බන්ධිකරණ නිලධාරි
කළාප අධ්‍යාපන කා. කෑගල්ල
නො. 232 පල්ලෙදෙනිය පාර කෑගල්ල
0718121880


                                                                                                             

                                      පාසල් මලල ක්‍රීඩාවට වයස වෙනස්‌වෙයි
මේ වන විට පාසල් මලල ක්‍රීඩා ක්‌ෂේත්‍රයේ තරග පැවැත්වෙන වයස්‌ කාණ්‌ඩයන් එළැඹෙන වසරේ සිට වෙනස්‌ කරන බවට ක්‍රීඩා අමාත්‍යාංශ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා ඉකුත්දා පැවැති මාධ්‍ය හමුවකදී සඳහන්කර සිටියේය.
ඒ අනුව වයස අවු. 15 න් 17 න් හා 19 න්, 21 න් පහළ යන වයස්‌ කාණ්‌ඩයන් ඉදිරියේදී වයස අවු. 14 න් 16 න් 18 න් මෙන්ම 20 න් පහළ වශයෙන් වෙනස්‌කරන බවට ඒ මහතා පවසා සිටියේය.
'ඉදිරියේදී පැවැත්වෙන තරගයන්aහිදී අපි ජාත්‍යන්තර වයස්‌ කාණ්‌ඩයන්ට අනුව තරග පැවැත්වීමට කටයුතු කරගෙන යනවා. එහෙම කළාම අපිට ජාත්‍යන්තර තරග වලට අමුතුවෙන් පවත්වන්න ඕනේ වෙන්නේ නැහැ. මෙහෙම කළොත් ඒaක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ලොකු පහසුවක්‌ කියලා අපි හිතනවා.' යනුවෙන් සුනිල් ජයවීර මහතා වැඩිදුරටත් පැවසීය.


තරග වැඩසටහන සංශෝධනය කිරීම
කැරම් තරග              (පෙර දිනය ) 2016 05/17       සංශෝදිත දිනය2016/ 06/04
ත්‍රෝබෝල්                (පෙර දිනය ) 2016/ 05/17     සංශෝදිත දිනය2016/ 06/04
ජිම්නාස්ටික් තරග       (පෙර දිනය ) 2016/05/17      සංශෝදිත දිනය2016/ 06/03
ශාරීරික අභ්‍යාස          (පෙර දිනය ) 2016/05/17      සංශෝදිත දිනය2016/ 06/03
කබඩි                      (පෙර දිනය ) 2016/05/15/16 සංශෝදිත දිනය2016/ 06/005/06   ර/ ඇබි/ජනාධිපති. වි







2016/05/16
ක්‍රීඩා අංශයේ සුභ පැතුම් 
ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී දක්ෂතා දැක්වූ වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ ග්‍රේෂන් ධනංජය, රත්නපුර සීවලී මධ්‍ය මහා විදුහලේ අකිල රවිසංඛ, මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසලේ තුම්පිම්ම ක්‍රීඩක චමල් කුමාරසිරි හා මීගමුව මාරිස්ටෙලා විදුහලේ උදිත චන්ද්‍රෙස්න, එළැඹෙන ජුලි මස 19 වැනිදා සිට 24 වැනිදා දක්වා පෝලන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය සංවිධාන කරන අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගනිති.
අකිල රවිසංඛ වයස 20න් පහළ මීටර් 110 කඩුලු පැන දිවීමේ තරගය තත්පර 14.19කින් නිමකළ අතර එම ඉසව්වේ 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පරිසාධන මට්ටම තත්පර 14.20කි. ඔහු ඉතා සියුම් කාල පරාසයකින් 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීම කැපී පෙනේ.
අකිල විසින් බිහිකළ නව කනිෂ්ඨ තරග වාර්තාව 2012දී සුපුන් විරාජ් රන්දෙනියගේ වාර්තාව මකා දැමීමකි.



2016/05/14
ක්‍රීඩා අංශයේ සුභ පැතුම්
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නව තරග වාර්තාවක් 
වයස 20 න් පහළ පිරිම් ( මීටර් 110 කඩුලු පැන දිවීම )
 ඒ.වි.ජි. ඒ. රවිශංඛ ( රත්නපුර සීවලී තත්පර 14.19)
 වයස අවු. 16 න් පහළ දක්‌ෂතම ක්‍රීඩිකාවට හිමි සුසන්තිකා ජයසිංහ කුසලාන දිනාගැනීමට කෑගල්ල සා. ජෝසප් බාලිකා විද්‍යාලයේ පියුමිණි වීරසූරිය සමත්වූයේ මීටර් 100 බාලිකා ඉසව්වෙන් තත්. 12.63 ක දක්‌ෂතාවක්‌ දක්‌වමිනි.

2016/04/27
සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම් 

                                        
මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ පැවැති අන්තර් නගර කබඩි කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව නි‍යෝජනය කරමින් එක්වූ කෑගල්ල දිස්ත්‍රික් කබඩි කණ්ඩායම සමස්ත ශූරතාව දිනාගැනීමට සමත් විය. එහි අනුශූරතාව බස්නාහිර පළාත් කණ්ඩායමත්, තෙවැනි ස්ථානය නැඟෙනහිර පළාත් කණ්ඩායමත් හිමිකර ගැනීම විශේෂත්වයක් විය.
සාගර වර්ණකුලසූරිය (පුහුණුකරු) එක්ව සිටි අතර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) උපසාර අලහකෝන්, කෑගල්ල කබඩි කළමනාකරු ගාමන් පතිරණ මහත්වරුද මේ සංචාරයට එක්වූහ.
ජයග්‍රාහී කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණි අතර ඔවුන් පිළිගැනීමට සබරගමුව පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත්, පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී.කුලරත්න යන මහත්වරු එක්ව සිටියහ.


2016/04/04
සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා 2016 තරග සංවිධාන කටයුතු පිළිබද පළමු රැස්වීම අද දින ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ උපසාර අලහකෝන් මහතාගේ ප්‍ර‍ධානත්වයෙන්  සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙිදී පෙ.ව.8.30 ආරම්භ වුණා.

2016/03/29
DSI සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සහයෝගයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය හා එක්‌ව 16 වැනි වරටත් සංවිධානය කරනු ලබන DSI සුපර් ස්‌පෝර්ට්‌ස්‌ වොලිබෝල් තරගාවලිය සඳහා අයෑදුම්පත් කැදවීම මේ වන විට ආරම්භකර තිබේ.

ග්‍රාමීය මෙන්ම නාගරික පළාත් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා සංවර්ධනය කරගැනීමට උපකාර කොට ඔවුන්ට ජාතික මට්‌ටමට හා ජාත්‍යන්තර මට්‌ටමට රැගෙනයාමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක මෙවර තරගාවලිය මැයි මස 07 දා සිට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට වොලිබෝල් ක්‍රීඩාව හදුන්වා දී වසර 100 ක්‌ සපිරෙන මේ වසරේදී 5500 කට අධික පාසල් කණ්‌aඩායම් සංඛ්‍යාවක්‌ මෙම තරගාවලියට එක්‌කර ගනිමින් ඒ හරහා මෙරට සෑම පාසලක්‌aම වොලිබෝල් ක්‍රීඩාවට යොමු කර ගැනීමට අනුග්‍රාහක DSI සමාගමේ ප්‍රධාන අපේක්‌ෂාව වී තිබේ.
ඒ අනුව මෙවර තරගාවලිය දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් හා ජාතික මට්‌ටමින් පැවැත්වෙන අතර දිස්‌ත්‍රික්‌ මට්‌ටමේ තරග මැයි මස 07 දා සිට ජුනි 06 දා දක්‌වාද, ඊට අදාළ ජාතික මට්‌ටමේ තරග ජුනි 20 වැනිදා සිට 26 වැනිදා දක්‌වාද පැවැත්වෙන අතර එහි අවසන් තරග ජූලි 15 හා 16 යන දිනයන්හිදී ද පැවැත්වීමට සංවිධායකයින් සැලසුම්කර ඇත.
වයස අවු. 14 න්, අවු. 16 න් හා අවු. 18 න් පහළ බාලක හා බාලිකා වශයෙන් වයස්‌ කාණ්‌ඩ තුනක්‌ යටතේ මෙවර තරගාවලිය ක්‍රියාත්මක වන අතර නියමිත අයදුම්පත් භාර ගැනීම හෙට (31 දා) අවසන් වේ.
තරගාවලියට අදාළ අයදුම්පත් සියලුම පාසල් වෙත යොමුකර ඇති බවත්, ඒ හැරුණුවිට රට පුරා ව්‍යාප්තව පවතින DSI ප්‍රදර්ශනාගාර වලින්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවල ක්‍රීඩා අංශයන්ගෙන් හා කලාප අධ්‍යාපන කාර්යාල වලින්ද මේ සඳහා අයදුම්පත් ලබාගැනීමට හැකි බව තරග සංවිධායකයෝ පවසති.
තරගාවලියට අදාළ අයදුම්පත් අලෙවි අංශය, ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම, නො. 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම යන ලිපිනයට තැපැල් මගින් යොමුකළ යුතුය. එසේ යොමුකරන සෑම ලියුම් කවරයකම වම් පස ඉහළින් 'DSI සුපර් ස්‌පෝර්ට්‌ස්‌ පාසල් වොලිබෝල් තරගාවලිය 2016' ලෙස සදහන් කළ යුතුය. 

2016/03/22

2016/03/22
මේ දිනවල පවතින අධික උණුසුම් සහිත කාලගුණ තත්වයන් හේතුවෙන් කලාප පාසල් ක‍්‍රීඩා තරඟ මැයි මාසයේ මුල දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 
පාසල් දරුවන් දවසේ වැඩි වේලාවක් අධික හිරු රශ්මියට නිරාවරණය වීම ඔවුන්ගේ සෞඛ්‍යයට අහිතකර  විය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් පවසා තිබීම මීට ප‍්‍රධාන හේතුවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ දිනවල බාහිර පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ යා හැකි බවයි. මෙම සියලූ කරුණු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද නිවේදනය කළේ මාර්තු මස අග පැවැත්වීමට නියමිතව තිබූ සමස්ත ලංකා පාසල් ක‍්‍රිඩා තරගාවලියේ කලාප මට්ටමේ තරග මැයි මස මුල් සතිය තෙක් කල් දැමීමට කටයුතු කරන බවයි.
එමෙන් ම පාසල් දරුවන් අධික හිරු රශ්මියට නිරාවරණය වන ක‍්‍රියාකාරකම්වලට යොමු කිරීමෙන් හැකිතාක් දුරට වළකින ලෙස ද අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.


2016/02/18
ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේදී පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ මීටර 100 සහ මීටර 100X4 කාන්තා ඉසව්වල රන් පදක්කම් සහ මීටර 200 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගනිමින් ත‍්‍රිත්ව පදක්කම් ලාභිනියක් වූ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ ශිෂ්‍යාවක් වන රුමේෂිකා රත්නායක ඇගයීමේ උත්සවයක් එම විදුහලේදී අද (18) පැවැත්විණි.
මෙම උත්සවයට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහභාගි විය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තාරක බාලසූරිය මහතාද මේ අවස්ථාවට සහභාගි වූහ.
2016/02/16

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව්වේ කලාපයේ වේගවත්ම කාන්තාව ලෙසින් සබරගමුව පළාතේ කෑගල්ලේ  රුමේෂිකා රත්නායක හා ඇයගේ පුහුණුකාරිය ශ්‍රී ලංකාවට නැවත පැමිණි මොහොත.

2016/02/10
 වර්ෂ හතරක් පමණ සබරගමුව පළාත් පාසල් ක්‍රිඩා අංශයේ ඉතා දක්ෂ ලෙස  සේවය කල සශිකලා මහත්මිය සේවා අවශ්‍යතාවය මත වෙනත් අංශයකට මාරුවීම් ලබා ගොස් ඇත.ඇයගේ සේවයට අපගේ ක්‍රීඩ‍ා අංශයේ  උපහාරය  මෙසේ පුද කර සිටිමු.

2016/02/09
දකුණු ආසියාවේ වේගවත්ම  කාන්තාව ශ්‍රී ලංකාවෙන්

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව්වේ කලාපයේ වේගවත්ම කාන්තාව ලෙසින් රුමේෂිකා රත්නායක ශ්‍රී ලංකාවට ගෞරව ගෙනදුන්හ.ඉන්දියාවේ දුතී චාන්ද් විසින් ජය ගනු ඇතැයි කියෑවුණු මීටර 100 කාන්තා තරගයේදී තත් 11.71 ක කාලයක්‌ වාර්තා කරමින් එහි රන් පදක්‌කම ශ්‍රී ලංකාවට හිමිකරදීමට රුමේෂිකා සමත්වද්දී තත්පරයෙන් 1/100 ක ප්‍රමාදයකින් ඉන්දියාව දෙවැනි තැනට වැටුණි.කෑගල්ල සා. ජෝසප් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය සබරගමුව පළාත් ක්‍ර්‍ීඩා තරගාවලියෙන් තම කුසලතාවයන් ඔප් නංවා ගෙන ඇත.ඇයට සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම්.

2016/01/26


ඉන්දියාවේ 'ඇසෑම්' ප්‍රාන්තයේ ගුහාති හා ශිලොන් නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තර/ය සදහා ශුභ පැතුම් 


2016/01/22
ක්‍රීඩා ගුරුවරුන් 5100ක් ඉතා කඩිනමින් දිවයින පුරා පාසල් සඳහා බඳවා ගන්නා බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.
මේ සඳහා වන ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාවරුන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. දස දහසකට අධික පාසල් ප්‍රමාණයක් මෙරට ක්‍රියාත්මකවුවද ක්‍රීඩා ගුරුවරුන් සිටිනුයේ 3400ක් බවද ඇමැතිවරයා කීය.
පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ පැවැති මහනුවර විද්‍යාර්ත විද්‍යාලයීය වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.
ක්‍රීඩාවෙන් ඉහළම තලයට ගිය පාසල් ක්‍රීඩකයන්ට මේ ගුරුපත්වීම් ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙන බවද කී ඇමැතිවරයා මේ වනවිට බොහෝ පාසල් වල ක්‍රීඩා භාරව කටයුතු කරන්නේ වෙනත් විෂයන් උගන්වන ගුරුවරුන් බවත් ඒ නිසා පාසල් ක්‍රීඩකයන් විවිධ ආබාධයන්ට නිරන්තරයෙන් ලක්වන බවත් පැවැසීය.
සියලුම ගුරුවරුන්ට ශරීර සෞඛ්‍ය පිළිබඳ එකවර පුහුණුවක් ලබාදෙන බවත් ජාතික ක්‍රීඩා විද්‍යායතනය උපාධි ලබාදෙන විද්‍යායතනයක් බවට පත්කරන බවත් ජයසේකර මහතා එහිදී කියා සිටියේය.

2015/12/02
සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා කෙළිබිම ජයකෙහිළි වර්ණ හා සම්මාන ප්‍ර‍දානය 2015 දෙසැම්බර් මස 07 වන දින ප.ව.1.30 ට සබරගමුව පළාත් ශ්‍ර‍ණාගාරයේ දී පැවැත්වේ.සබරගමුව පළාත් අධයාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය භාණු මුණිප්‍රිය මැතිතුමාගේ ආරාධනයෙන් සබරගමුව පළාත් ගරු ප්‍ර‍ධාන අමාත්‍ය මහ‍ීපාල හේරත් මැතිතුමාගේ  ප්‍ර‍ධානත්වයෙන් පැවැත්වේ.